ශ්‍රී සුමංගල ජාතික පාසල


සුමගුල් දැක්ම...
යහගුණයෙන් විශිෂ්ඨත්වයට

අපේ මෙහෙවර
නැණ ගුණදම් බෙලෙන්
විදුසිප් හසුරු කුසලෙන්
තෙද ඇති දූ පුතුන්
තැනුම සුමඟුල්
මව්ගේ තුරුලෙන්

අපේ පාසලේ ඉතිහාසය
පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන නිල්දණ්ඩාහීන්න ශ්‍රී සුමංගල ජාතික පාසල මේ ගත කරමින් සිටින්නේ සිය අභිමානවත් 156 වන වර්ෂ පූර්ණයයි. මෙම විද්‍යාලය ක්‍රි.ව.1864 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර ආරම්භක විදුහල්පතිවරයා වූයේ ඒ.ඩී. ඉෂඩ් සිරිවර්ධන මැතිතුමාය. මුල් කාලයේ පාසලේ නම වූයේ නිල්දණ්ඩාහීන්න රජයේ විද්‍යාලයයි. මෙම පාසල අතීතයේ බාලිකා සහ බාලක වශයෙන් පාසල් දෙකක් ලෙස ක්‍රියාත්මක වන ලදී. බාලිකා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මැතිණියයි. 
පසු කාලීනව මෙම විද්‍යාලය මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රම ක්‍රමයෙන් සීඝ්‍ර දියුණුවක් කරා පියනගන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා විද්‍යාලයක් බවට පත්ව 1982 වර්ෂයේ දී මධ්‍ය මහා විද්‍යාලයක් බවටද 1993 වර්ෂයේ දී ජාතික පාසලක් බවට ද පත් ව ඇති තර අප පාසල වලපන කලාපයේ ඇති එකම ජාතික පාසල ද වන්නේ ය.
2013 වර්ෂයේ සිට 6-13 පංති පැවැත්වෙන ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය වන මෙම පාසල අ.පො.ස.උ.පෙළ විද්‍යා/කළා/ වාණිජ හා  තාක්ෂණ අංශය සහිතව 1 AB-S වර්ගයේ පාසලක් විය
අතීතයේ සිට මේ දක්වා විදුහල්වතිවරුන් 30 ක් පමණ පාලනය කළ මෙම පාසලේ වර්ථමාන විදුහල්පතිවරයා වන්නේ ඒ.එම්,කේ.බී. අත්තනායක මැතිතුමාය. දැනට මෙම පාසලේ ගුරු මඩුල්ල 80 ක් පමණ වන අතර අනධ්‍යන කාර්‍ය මණ්ඩලය 16 ක් හා සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව 1700 ට ආසන්නය

Comments